Wednesday, July 19, 2017

එක යායේ කකා වැටී....

එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... 

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී....

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී...

මුල් ගායනය : සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර
පද රචනය     : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය         : එච්. එම්. ජයරත්න
චිත්‍රපටිය        : “මංගල තෑග්ග“ 
cover            : Api Machan


Eka Yaye - Covered by Api Machan

Monday, July 10, 2017

Hitha hiri wetunado - Bachi Susan & Ashanthi

හිත හිරිවැටුනාදෝ 
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ 
සුසුමක තියලා
වේදනා හිතේ තියා 
රෑ පුරා හඩා
සාගරේ එහා ඉදන් 
ආදරේ කළා
නිම හිම නොවූ ආදරේ හීන සිතුවම් කළා
හැගුම් පහසින් රහසක් කීවා...

ඈත ඈත අම්බරේ 
පාවෙලා ගියත් 
ආදරේ වෙනස් නොවේ 
ජිවිතේ ගියත් 
නිම හිම නොවූ ආදරේ හීන සිතුවම් කළා
හැගුම් පහසින් රහසක් කීවා...

හිත හිරිවැටුනාදෝ...



Friday, July 7, 2017

Civil Voice - Bappage Akkage Duwa (බාප්පාගේ අක්කගේ දුව)

අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..
අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව..

අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය..
ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය..
මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ..
ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය..
හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල..

මට විසිහයයි ඇයට විසිතුනයි.. 
අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි..
මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි..
ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි..
මට හොරා ම‍ගෙ සිත නුඹ ගැන විපරමයි..
මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි..

මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...

නුඹ ලස්සනයි කට හරි සැරයි..
නපුරු කමත් ඒ හා සමානමයි..
නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි..
ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි..
නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි..
මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි...

මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව..
මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය...
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය..
මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය

ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය.. 
නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය..
මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද.....
සොදුරිය.........


ගායනය : Civil Voice
පද රචනය : Civil Voice
සංගීතය : Civil Voice & Pasan Liyanage




watch here : https://www.youtube.com/watch?v=n7UgpieMe0E

Wednesday, May 10, 2017

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

ඉකි ගසා හඬන අතීතයක 
කඳුළු එක්ක ගනුදෙනු කරනා 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා 

හීනෙන් හිනැහී 
තුන්යම මා රවටා 
මැදියම් මහා රෑ 
අදටත් හිත ඉගිලෙනවා 
නින්දෙන් ඇහැරී කලුවරේම 
යලි සොයනා 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා 

රිදුමක් වාගේ 
කිසිදා සුව නොවෙනා 
සුසුමින් විතරක් 
නිරතුරුවම පිරි මදිනා 
උහුලනු බැරි තැන 
උණු කඳුළුම වගුරුවනා 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා 
මට මගේ නොවන 
මගේම ආදරයක් තිබුණා ///


Artist/s  : Amarasiri Peiris
Lyrics  : Amila Thenuwara
Music  : Darshana Ruwan Disanayake


watch this song : https://www.youtube.com/watch?v=0eSTfSZr9wM