කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී
තුන්යම මා රවටා
මැදියම් මහා රෑ
අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම
යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වාගේ
කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක්
නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා ///
Artist/s :
Amarasiri Peiris
Lyrics :
Amila Thenuwara
Music :
Darshana Ruwan Disanayake
watch this song : https://www.youtube.com/watch?v=0eSTfSZr9wM